දන්ත සේවා අධ්‍යක්‍ෂවරියට එරෙහිව සටනක්

0
2

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්‍ෂවරියට විරෝධය පළ කරමින් ලබන මස 06 දා දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

අදාළ අධ්‍යක්‍ෂවරිය විසින් දිවයින පුරා දන්ත වෛද්‍ය සේවාව දිගින් දිගටම අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් හා දන්ත සේවා අංශයේ සිදුවන පරිපාලන බිඳවැටීමට කටයුතු කරන බවට චෝදනා කිරීමත් මෙම විරෝධය පළ කිරීමට තීරණය කර ඇත. එම සංගමයේ ලේකම්, වෛද්‍ය අරුණ අභයවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

අදාළ අධ්‍යක්‍ෂවරිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙසත්, එතෙක් ඇය තනතුරෙන් වහාම ඉවත් කරන ලෙසත්, ඇයගේ නොසැළකිලිමත්භාවය, පරිපාලනමය අසාර්ථකත්වය හා අකාර්යක්‍ෂමතාව පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙසත්, බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොවන්නේ නම් සිය වෘත්තීය ක්‍රියා මාර්ගය නියමිත දිනට ක්‍රියාත්මක කරන බවත්, වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here