රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW:
අද (13) දින විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිවෙකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
සාමාන්‍ය සේවාවන් ලබන 16 සඳුදා දින නැවත ආරම්භ වන අතර අද දින අයඳුම්කරුවන්ට එදින ප්‍රමුඛතාවය ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් පවසා ඇත.
ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා,
“ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ සිදුව හදිසි තාක්ෂණික දෝෂයක් නිසා අපිට එක්දින සහ සාමන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය මේ අවස්ථාව වනවිටත් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මෙන්ම අවශ්‍ය තාක්ෂණික කමිටුවක් විසින් මේක යථාවත් කිරීමට කටයුතු කරනවා. මේක යථාවත් බවට පත්කළ හොත් අපිට පුළුවන් ඒ මොහොතේ පටන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. අපට ඉතා හදිසි නොවන අවස්ථාවකදී ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව පෙළඹෙන්නේ නම් ලබන සතියේ සිට මෙම කාර්යාලයට හෝ අපගේ ශාඛා කාර්යාල වෙත ගමන් කරන ලෙසට මහජනතාව දැන්වත් කරන්නේ.”
Saru News










