නිවාස 111ක් හානි වෙලා
දිස්ත්‍රික්ක 6ක පවුල් 2052ක් පීඩාවට
දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 02ක් සිදුවී පවුල් 187ක පුද්ගලයන් 747ක් ඊයේ (21දා) වනවිට පීඩාවට පත්වී ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත. පවතින අධික වර්ෂාපතනය තව දින 03ක් පමණ පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇත්තේ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක, අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක, ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 01ක, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 01ක සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක ජනතාව වෙති. අර්ධ නිවාස හානි 152ක් වාර්තා වී ඇති අතර ඉන් නිවාස 111ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ වෙයි.
දිවයිනට නැඟෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුරු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවෙයි. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් විමසිලිමත් මට්ටමේ නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ. ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට නාය අවදානම් මට්ටමේ නිවේදන ද නිකුත් කර තිබිණි.
ඊයේ (21දා) පෙරවරු 6.00න් අවසන් වූ පැය 12ක කාලය තුළ ගාල්ල බද්දේගම ප්‍රදේශයට මිලිමීටර් 167ක්, ගාල්ල වතුරවිල ප්‍රදේශයට මිලිමීටර් 126ක්, කළුතර වලල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර් 132ක්, ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයට මිලිමීටර් 108ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබී තිබිණි.
අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ, මහනුවර, මොනරාගල යන දිස්ත්‍රික්කවල ජලාශ 10ක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි. මාර්ග අවහිරවීම් ඊයේ දහවල් වනතෙක් වාර්තා වී නොතිබූ අතර හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට ත්‍රිවිධ හමුදාව සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. හදිසි අවශ්‍යතාවක් ඇතිවුවහොත් ‘117’ කෙටි අංකය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දැනුම් දිය හැකිය. ප්‍රදේශ කිහිපයක ගස් සහ පස් කඳු කඩාවැටීම් වාර්තා වී තිබිණි.
මියගිය සංඛ්‍යාව 3 කි. මහනුවර, කෑගල්ල, අනුරාධපුර දිස්ත්‍රික්කවලින් එම මරණ වාර්තාවේ.
දිස්ත්‍රික්ක 6 ක ප්‍රා. ලේකම් කොට්ඨාස 44ක පවුල් 2052 ක් පීඩාවට පත්ව සිටිති. පුද්ගලයෝ 8349 ක් අවතැන්ව සිටිති.
චමින්ද සිල්වා
Saru FM Media