නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති 744,500 ක තොගයක් වත්තලදී සොයාගෙන ඇතැයි වාර්තා වේ.
නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මේ ඖෂධ තොගය සොයාගෙන ඇත.
එහිදී එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පැවසේ.
එම සැකකරුවන්, ඖෂධ පෙති තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
Saru News










