වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

0
4

මංගලගම, කොහොඹගස්තලාව ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මංගලගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වූ කොහොඹගස්තලාව, මංගලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා නිවස අසලට පැමිණි වනඅලියෙකු පලවා හැරීමට යාමේදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මංගලගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here