ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

0
3

“ඒහි පස්සිකෝ”  සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද (26) තෝලංගමුව ජාතික පාසල අසලින් ආරම්භ විය.

අද දිනයේ පාද යාත්‍රාව යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතය.

පාද යාත්‍රාව හෙට දිනයේ යක්කල අබේසේකරාරාමයේ  සිට කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.

අප්‍රේල් 28 වනදා සාම පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට නියමිත අතර අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා  ගමන් කිරීමට නියමිතය.

එදින “ඒහි පස්සිකෝ” සාම පා ගමනේ රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන්  මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here