හර්බජාන්ට සමාව දෙනවා, කම්මුලට ගහපු එක නම් අමතක නෑ – ශ්‍රීසාන්ත්

0
4

හර්බජාන් සිං තමන්ට පහරදුන් සිද්ධියට සමාව දෙන නමුත්, එම පහරදීම කිසිදා අමතක නොකරන බව ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් පවසයි.

2008 IPL තරගාවලියේ දී ඇතිවූ සිද්ධියෙන් වසර 18කට පසු සිය මතකය අවදි කරමින් ඔහු මේ බව පවසා තිබේ.

අදාළ තරගාවලියේ දී හර්බජාන් සිං, ශ්‍රීසාන්ත්ට කම්මුලට ගැසීමේ සිද්ධිය ලෝක ප්‍රසිද්ධ අමිහිරි මතකයකි. 

කාලයක් සමග එම සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා මිතුරන් වී සිටියද, මෑතකදී ඇති වූ සිදුවීමක් හේතුවෙන් නිසා එම මිතුදම යළිත් වරක් බිඳීගොස් ඇති බව වාර්තා වේ.

ඊට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ එම ‘කම්මුලට ගැසීමේ’ සිද්ධිය තේමා කරගනිමින් වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කර තිබීමය.

ශ්‍රීසාන්ත් පවසන පරිදි හර්බජාන් එම දැන්වීමෙන් රුපියල් ලක්ෂ 80 සිට කෝටියක් දක්වා වූ මුදලක් උපයාගෙන ඇත.

කෙසේ නමුත් ශ්‍රීසාන්ත් චෝදනා කරන්නේ, හර්බජාන් එම වෙළෙඳ දැන්වීම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද පළ කරන ලෙස ඉල්ලූ බවය.

ශ්‍රීසාන්ත් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මලයාලම් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, තමන් එදා සිදුවූ සිද්ධියට සමාව දුන්නද, එය කිසිදා අමතක නොකරන බවයි. 

“කවුරුහරි ඔබට වැරැද්දක් කළොත් ඔවුන්ට සමාව දෙන්න, නමුත් එය අමතක කරන්න එපා. අමතක කළොත් ඔවුන් නැවතත් එම වරදම කරයි. හර්බජන් ඊට හොඳම උදාහරණය” යනුවෙන් ඔහු පවසා ඇත.

හර්බජන්ව තමන්ගේ සහෝදරයෙකු ලෙස සැලකූ බවත්, මේ වනවිට ඔහු සමග කිසිදු සබඳතාවක් නොපවත්වන බවත් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here