රෂිකා හෙන්නායක අප්‍රේල් 25, කොළඹ LNW :
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් Android (apk) ගොනු භාවිත කරමින් සිදුකරන නවතම ඩිජිටල් බැංකු මංකොල්ලයක් පිළිබඳව මහජනතාව දැනුවත් කරයි.
මෙහිදී වංචාකරුවන් විසින් මංගල ආරාධනා පත්‍ර හෝ විදුලි බිල්පත් ලෙස වෙස්ගන්වන ලද අන්තරායකර මෘදුකාංග WhatsApp සහ Telegram හරහා එවන අතර, ඒවා ස්ථාපනය කිරීමෙන් ඔබගේ ජංගම දුරකථනයේ පාලනය සම්පූර්ණයෙන්ම හැකර්වරුන් සතු වේ.
මෙලෙස දුරකථනයට ඇතුළු වන ජාවාරම්කරුවන්ට ඔබගේ SMS පණිවිඩ සහ OTP කේත රහසිගතව කියවා බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීමට හැකියාව පවතී.
මෙම අවදානමෙන් මිදීම සඳහා නාඳුනන ගොනු බාගත කිරීමෙන් වැළකී සිටිය යුතු අතර, සෑමවිටම නිල යෙදුම් (App Stores) පමණක් භාවිතා කරන ලෙස පොලිසිය අවධාරණය කරයි.
යම් හෙයකින් මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම බැංකු ගිණුම් අත්හිටුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම අත්‍යාවශ්‍ය වේ.


The post APK බැංකු මංකොල්ලය: ඩිජිටල් ආරක්ෂණ උපදෙස් පද්ධතිය ගැන දැනුවත්ද? appeared first on LNW Sinhala.
Saru News
















