නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි 23,000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත මීගමුව නගරයේ සිදුකල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව, ගල්කටුව පාර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
Saru FM Media