ඩොලර් මිලියන 93ක් නිකම්ම ගෙව්වා… – Saru News | සිංහල

0
3

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන නියමුවා ලෙස සිටි කපිතාන් එල්මෝ ජයවර්ධන එම සමාගමේ ගත කළ සේවා කාලය පිළිබඳව අතීතය ආවර්ජනය කරමින් කිසිදු ගුවන් මගියෙකුට සීරිමක් සිදු නොවෙන ආකාරයේ සේවාවක් ආරම්භයේ සිට මේ දක්වාම ලබාදී ඇති බව හෙළි කරනු ලැබීය.

එවැනි කීර්තිමත් ඉතිහාසයක් හිමි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කිසිදු සේවකයෙකු එම සමාගම පාඩු ලැබීම වෙනුවෙන් වගකිව යුතු නැති බවත්, ගුවන් යානා 10ක් මිලදී ගැනීමට අත්සන් කර තිබූ අවබෝධතා ගිවිසුම අවලංගු කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 93ක් නිරපරාදේ ගෙවා දමන ආකාරයත් හෙළි කරනු ලැබීය.

එමෙන්ම ඉහළ කළමනාකාරිත්වය සඳහා දේශපාලනඥයන්ගේ නූගත් පවුලේ සාමාජිකයන් පත් කිරීමෙන් 2010 වසරේ සිට අති විශාල අලාභයක් නිර්මාණය වී ඇති බවත්, මෙම විශ්‍රාමික කපිතාන්වරයා පෙන්වා දෙනු ලැබීය. ගැමුණු වන්නිනායක පවත්වා ගෙන යන මතක පද යූ ටියුබ් නාලිකාව සමග සාකච්ඡාවට එක් වෙමින් කපිතාන් එල්මෝ ජයවර්ධන තම ජීවිතයේ රසවත් නොවුණ අභියෝගාත්මක මුහුණ දීම් පිළිබඳවද හෙළ කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here