ඩොල්ර් මිලියන 2.5ක් කොල්ල කෑ හැකර්ලා ගැන හෙළිනොවූ තොරතුරු මෙන්න… – Saru News | සිංහල

0
3

ඕස්ට්‍රේලියාවෙන් ලබාගෙන තිබූ ණයක් සඳහා වාරික ආපසු ගෙවීමේ දී ඩොලර් මිලියන 2.5ක්  හැකර්ලා විසින් කොල්ල කෑම පිළිබඳව රහසිගතව සියුම් පරීක්ෂණ මෙම වසරේ ජනවාරි 09 වන දින සිට ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුරටත් අවස්ථා කිහිපයකදී අදාළ අංශවලට පැමිණිලි කර තිබූ බව හෙළිවී තිබේ.

එම පරීක්ෂණ පිළිබඳව විවෘතව අදහස් පළ කිරීම අදාළ මූල්‍ය අපරාධකරුවන්ගේ ආරක්ෂාවට හේතුවන බැවින් රහසිගතභාවය ආරක්ෂා කරගෙන තිබුණි. මුදල් අමාත්‍යාංශය විසින් මූල්‍ය අපරාධ බුද්ධි ඒකකයට ජනවාරි 09 වන දින පැමිණිලි කර තිබූ අතර, ඉන්පසු මාර්තු 07 වන දින සහ මාර්තු 24 වන දින යාවත්කාලීන කරන ලද පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව  ඕස්ට්‍රේලියානු රජයේද සහයෝගය ඇතිව සියුම් පරීක්ෂණ දියත් කර තිබූ අතර, ඒ සම්බන්ධ තොරතුරු කිසියම් පාර්ශ්වයක් විසින් හෙළි කරනු ලැබීය.

ආරුගම්බේ සංචාරක ප‍්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයන් හට අන්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට තිබූ ජාත්‍යන්තර සැලැස්ම පිළිබඳ රජය විසින් රහසිගතව නිවැරදි පරීක්ෂණ දියත් කර තිබූ අතර, එම කුමන්ත්‍රණය මුළුමනින් ම පරාජය කරමින් සිටින අතර, ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් තොරතුරු හෙළි කර තිබිණි. ඒ වන විට ශ‍්‍රී ලංකා රජය රට පුරා ආරක්ෂාව තහවුරු කර, නිවැරදි ක්‍රියාමාර්ග ගත් ආකාරයෙන් ම මෙම මූල්‍ය අපරාධය පිළිබඳවද ක්‍රියාකාරකමින් සිටින අතර, විපක්ෂය විසින් විකෘති කරන ලද සහ අසත්‍ය ප්‍රචාරවලට මෙය පාදක කර ගනු ලැබීය.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here