ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවා ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
“මා දැක්කා මහබැංකු වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ එක පුද්ගලයකුගේ ආදායම ඩොලර් 5000 ඉක්මවලා තිබෙනවා කියලා. හැබැයි අපි දන්නවා මේ ඩොලර් 5000 කියලා කියන්නෙ මුළු ආදායම ජනගහණයෙන් බෙදුවාට පස්සෙ එන එක. නමුත් අපේ රටේ ජනගහණයෙන් හතරෙන් එකක් අපි හඳුනාගන්නෙ දුප්පතුන් ලෙස. ඒ නිසා අපේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ හැමෝගෙම ජීවිත ලස්සන කරන්න. මේ රට පොහොසත් කරන්න ඕනෙ හැම පැත්තකින්ම, ඒ වගේම මේ රටේ ජනතාවගේ ජීවිත ලස්සන කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් තමයි අපි උත්සාහ ගනිමින් ඉන්නේ. අපේ නගරාධිපතිතුමා කිව්වා වගේ අපි කාටවත් මේකෙන් ලැබෙන පෞද්ගලික ලාබයක් නැහැ. අපිට තියෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි”
මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

The post ඉතිහාසයේ පළමුවරට අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා – ඇමති මහින්ද appeared first on LNW Sinhala.
Saru News
















