පරදින සභාවලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නෑ කියලා අනුර කියපු කතාවට සජිත් පේමඩුවේදී උත්තර දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
8


පොහොසත් රටක් ලස්සන ජිවිතයක් උදා කරනවා කියා බලයට ආ ජනතා විමුක්ති පෙරමුණ මේ පොරොන්දු ඉටු කරන්නට තවමත් නොහැකි වී ඇති බවත් අද වන විට බොහෝ දෙනකු මේ ආණ්ඩුව හඳුන්වන්නේ බොරුකාර ආණ්ඩුවක්, රැවටිලිකාර ආණ්ඩුවක් හා පච දේශපාලනයේ නිරත ටොම් පච කියන ආණ්ඩුවක් බවත් මොවුන් පැය 24ම බොරුවෙන් රැවටිල්ලෙන් මංමුලාකර අනාථ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අනුරාධපුර, පේමඩුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අද වන විට බඩු මිල වැඩි වී සහල්, කිරිපිටි, පොල් ආදී අත්‍යාවශ්‍ය භාණ්වල මිල ඉහළ ගොස් ඇති බවත් රටේ ජනතාවගේ ලුනු අවශ්‍යතාවවත් සපුරා ගත නොහැකි රජයක් ඇති බවත් ඉන්ධන සහනාධාරය ලබා දෙනවා කිව්වත් එය ද තවමත් දීමට නොහැකි වී ඇති බවත් විදුලි බිල පවා හරියට අඩු කිරිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වත් අධික වැසි නිසා විදුලි බල මණ්ඩලය ලාභ පිට ලාභ ලබන විට පවා විදුලි බිල අඩු කළ නොහැකි යැයි පවසන විට ජනතාව මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ කරුණු පැහැදිලි කළ නිසා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් විදුලි බිල අඩු කිරීමට ඇති බවත් විදුලි බිල, තෙල් මිල, බඩු මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන දින වකවානු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කුඹුරු වැඩ ආරම්භ කළත් තවමත් පොහොර සහනාධාරය නොමැති බවත් ඉදිරියේ දී පොහොර මිල වැඩි වන බවට වාර්තා වන බවත් අලි මිනිස් ගැටුමින් බරපතල හානි සිදුවන බවත් ඊට අමතරව වගා හානිවලට වන්දි නොලැබෙන බවත් මේ නිසා ගොවි ජනතාව අනාථ කර ඇති බවත් රටේම ජනතාව අනාථ කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට ගැටලුවකට රජයට උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බොරු කියා පච කියා තරගයට පච කියන ආණ්ඩුවක් බවට පත් වී අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ රජය කියන දේ ප්‍රතික්ෂේප කරන තැනට ජනතාව පත්ව ඇති බවත් එම නිසා මාලිමාවේ බලය තිබෙන සභාවලට පමණක් ප්‍රතිපාදන දෙනවා කියා ජනාධිපතිවරයා කියන බවත් රටේ ජනාධිපතිවරයා යනු සමස්ත ජනතාව වෙනුවෙන් සිටින නායකයා බවත් ඔහු ජාති ආගම් පන්ති පක්ෂ තරාතිරම් භේදවලින් තොරව කටයුතු කළ යුතු බවත් තවදුරටත් මේ බොරුවට පචයට ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here