චීනයේ පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

0
4

ලොව නව නිපැයුම් සඳහා අදාළ නිල පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ මුල්ම රට බවට චීනය පත්ව තිබේ.

2025 වසරේදී චීනය තුළ අනුමැතිය හිමි වූ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 972,000 දක්වා ඉහළ යාමත් සමඟ චීනය එලෙස ලොව පෙරමුණ ගෙන ඇති බව සඳහන් වේ.

අද (23) සවස චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනයේ බලධාරීන් විසින් මේ තොරතුරු වාර්තා කර තිබේ.

මෙම පේටන්ට් බලපත්‍ර අතර, ක්වොන්ටම් තාක්ෂණය, ජෛව නිෂ්පාදනය, මිනිස් මොළය හා සම්බන්ධ පරිගණක අතුරු මුහුණත (BCI), 6G සන්නිවේදන තාක්ෂණය ඇතුළු  අනාගත කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා වන පේටන්ට් බලපත්‍ර වඩාත් කැපී පෙනේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here