ගල් අඟුරු නෙවෙයි දැලි අඟුරු පාවිච්චි කරලා හරි විපක්ෂයට අපිව පෙරලගන්න ඕනේ. විපක්ෂය වැටුණු වල මෙන්න! (VIDEO)

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:තවත් මාස හයක් මේ ආණ්ඩුව ඉදිරියට ගියහොත් විපක්ෂයේ බොහෝ දෙනෙකුට අත්වන ඉරණම දන්නා හෙයින් ගල් අඟුරු නොව දැලි අඟුරුවලින් හෝ අනදුව පෙරළා ගැනීමට දැඩි උත්සාහයක පසුවෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පැවසුවේය.

පාස්කු විමර්ශනවලට අදාළව මේ වන විට සිදුව ඇති අත්අඩංගුවට ගැනීම් හරහා සනාථ වන කරුණු මත ඉදිරියේදී ඊට සම්බන්ධ දේශපාලකයින් පිරිසක් හිරේ යාමට නියමිත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

දවස පුරා ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරමින් සිටින්නේ ඔවුන්ගේ මෙම දේශපාලන වුවමනාව වෙනුවෙන් වුවද මහජනතාව ලෙස විපක්ෂයේ ගුලිය නොකා මෙම තත්ත්වය ගැන නිසොල්මනේ නිදහස්ව සිතන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

ජනතාව විසින් වත්මන් ආණ්ඩුව බලයට පත්කළේ අනාගතය වෙනුවෙන් යුක්තිය හා සාධාරණ සමාජයක් හැදීමට මෙන්ම ඉතිහාසයේ සිදුවූ අපරාධවලට දඬුවම් දීමටත් බව හෙතෙම සිහිපත් කරන ලදී.

ඒ අනුව පසුගිය වසර එකහමාරක කාලය තුළ විශේෂයෙන් පාස්කු විමර්ශනයට අදාළව වේගයෙන් කටයුතු කළ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

අහිංසක මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය උදුරාගත් එම කුමන්ත්‍රණය හෙළිදරව් කර අදාළ දඬුවම් පැමිණවීමේ වගකීමට ආණ්ඩුව බැඳී සිටින බවත් හෘද සාක්ෂියෙන් නිදහස් විය හැක්කේද එය ඉටුකිරීමෙන් පමණක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (22) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් අර්ධ හානි වුන නිවාස සදහා රු. ලක්ෂ 05ක වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

The post ගල් අඟුරු නෙවෙයි දැලි අඟුරු පාවිච්චි කරලා හරි විපක්ෂයට අපිව පෙරලගන්න ඕනේ. විපක්ෂය වැටුණු වල මෙන්න! (VIDEO) appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here