මුදල් ඇමති අනුර ඩොලර් 5,000 සීමාව පන්නයි… – Saru News | සිංහල

0
3

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඒක පුද්ගල දළ දේශීය ආදායම ඩොලර් 5000 සීමාව ඉක්මවා යාමට සමත් වන ආකාරයෙන් ආර්ථිකය, කළමනාකරණය කර ගැනීමේ හැකියාව ජනාධිපති සහ මුදල් ඇමති අනුර දිසානායක ඇතුළු වත්මන් ආණ්ඩුවට හැකි වී තිබේ.

මෙය සුවිශේෂී ජයග්‍රහණයක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර, බොහෝ දෙනෙකු එම ජයග්‍රහණය පිළිබඳව අවධානය යොමු නොකර ඇති බවද, ඔවුන්ගේ මතය වී තිබේ. 2024 වසරේ දී ඩොලර් 4,546ක් වූ ඒක පුද්ගල දල දේශීය ආදායම වසරක් තුළ දී ඩොලර් 457කින් ඉහළ නැංවීමට ආණ්ඩුව සමත් වී ඇත. 2025 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණයෙන් මෙම කරුණු හෙළි කර තිබේ.

මෙම රජය බලයට පැමිණීමට පෙර වැඩිම ඒක පුද්ගල ආදායමක් 2019 වසරේ දී වාර්තා කර තිබූ අතර, එය ඩොලර් 4,080ක් වී තිබිණි. 2020 දී ඩොලර් 3,850ක්, 2021දී ඩොලර් 3,999ක් සහ ශ්‍රී ලංකාව බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ 2022දී ඩොලර් 3,464ක් වී තිබිණි.

2023දී ඩොලර් 3,818ක් වූ අතර 2024දී ඩොලර් 4,546ක් දක්වා ඉහළ නංවා ගැනීමට වත්මන් රජය යටතේ සමත් වූ අතර, 2025 වසරේ දී එය තවදුරටත් ස්ථාවර කර ගෙන ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here