ඉරානය සමග සාකච්ඡා අවසන් වනතෙක් සටන් විරාමය දීර්ඝ කරන බව ට්‍රම්ප් පවසයි

0
4

අද අවසන් වීමට නියමිතව තිබූ ඇමරිකාව සහ ඉරානය අතර දෙසතියක සටන් විරාමය ඉරානය සමග සාකච්ඡා අවසන් වනතෙක් දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද පසුව එම ස්ථාවරයෙන් බැහැර වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බවය.

ඒ අනුව ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here