සිරි දළදා වන්දනාවට අදත් ජන ගඟක්

0
12


ලෝවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වු බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනිමේ අවස්ථාව වසර 16කට පසු ජනතාවට ඊයේ උදාවුණා.

සිරි දළදා වන්දනාවේ දෙවන දිනය අදයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙන්ම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මග පෙන්වීම යටතේයි සිරි දළදා වන්දනාව සංවිධාන කර ඇත්තේ ලබන 27 වනදා දක්වා දළදා දැක්ම පැවැත්වෙනවා.

ඒ අනුව දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා.

සිරි දළදා වන්දනාවට එක්වන පිරිස් සඳහා ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබෙනවා.

ඒ ඩී එස් සේනානායක විදීය , වැවරවුම මාර්ගය හා අම්පිටිය රතුබොක්කුව අසළින් වැවරවුම ඔස්සේයි.

මෙම මාර්ගවල ඇති පෝලිම්වල ජනතාව රැදි සිටින ආකාරය දැකගත හැකියි.

ඔවුන්ට අවශ්‍ය ආහාර , පානීය ජලය ඇතුලු පොදු පහසුකම් මේ වන විටත් සලසා තිබෙනවා.

දළදා වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ගේ අරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ණ සූදානමින් පසුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය පවසනවා.

දෛනිකව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවයි එම  සංගමය පවසන්නේ.

අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් දළදා වන්දනාවට පැමිණෙමින් සිටින බැවින් ලබාදී ඇති පහසුකම්වල අඩුපාඩුවක් ඇති වුවහොත් ඒ පිළිබඳව ඉවසිලිවන්තව සහයෝගයෙන් කටයුතු කරන ලෙස මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇති විය හැකි එවැනි අඩුපාඩු කඩිනමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද නාගරික කොමසාරිස්වරිය ප්‍රකාශ කළා.

මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

සිරි දළදා වන්දනාව සදහා සැදැහැවතුන් පැමිණෙන වාහනවල විශේෂ ස්ටිකරයක් ඇලවීම සිදු කෙරෙනවා.

ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව ත්‍රිවිද හමුදාව ද යොදවා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here