ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) වැඩසටහනට සහභාගිවීම සඳහා මෙරටට වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේ අද (21) අත්තනගල්ල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්හ.
එහිදී පඥ්ඥාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාවන්සේලා වෙනුවෙන් අත්තනගල්ල රජමහා විහාරයේ පැවැත්වූ හීල් දානමය පින්කමක්ද පවත්වා තිබේ.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවල් මාපලගම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක යන අයද එක්වී සිටියහ.


2
Saru News
















