කොළඹදී බෝම්බ පිපිරවීමට සැලසුම් කළ අයෙක් අත්අඩංගුවට

0
4

කොළඹ නගරය ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට තැත් කළ සැකකරුවෙක් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත ඔහු මෙම සැලසුම ගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී සැකකරුව අත්අඩංගුවට පත්ව ඇත්තේ ජා-ඇල, කලා වීදිය ප්‍රදේශයේදීය.

ඊයේ (20) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මෙරට ජාතික ආරක්ෂාව දැඩි අවදානමකට ලක් කරමින්, කොළඹ විවිධ ස්ථානවල බෝම්බ පිපිරවීම සඳහා මොහු සැලසුම් සකස් කර තිබූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here