කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

0
4

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු පයාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා පයාගල ප්‍රදේශයේ රහසිගතව රැඳී සිටිමින් අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව පයාගල නිර්මලවත්ත හා කුඹුරුගොඩ යන ප්‍රදේශයන්හි අද (21) අළුයම සිදු කළ විශේෂ වැටලීමක දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පැතුම් නොහොත් ‘පෙත්තා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු සහ කවිඳු නොහොත් ‘කවියා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙකු බව සඳහන්.

පැතුම් නැමැත්තා ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 42,350ක් සහ කවිඳු නැමැත්තා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 48,170ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here