හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 830ක් සමඟ රස්නායකපුර, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීය.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු හෝමාගම, මහරගම සහ මරදාන පොලිස් වසම්වලදී ත්‍රිරෝද රථ හතරක් සොරකම් කිරීමේ අපරාධ සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බවයි.
ඔහු සොරකම් කරන ලද ත්‍රීරෝද රථ හතරම පොලිස් භාරයට ගෙන ඇති අතර හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2
Saru News
















