ආසියා රග්බි සම්මේලනයේ සභාපතිවරයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමු වුණා.
ආසියා රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුව පැවැත්වුණේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදීයි.
රග්බි ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡාවේදී අවදානය යොමු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගන්නා තීරණවලදී ඒ වෙනුවෙන් ආසියා රග්බි සම්මේලනය ද සිටින බවයි කයිස් මහතා මෙහිදී කියා සිටියේ.
Saru FM Media