ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී රාධක්‍රිෂ්ණන් සහ අගමැති හරිනි අමරසූරිය හමුවෙයි  – Saru News | සිංහල

0
2

මෙරට දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දියානු උප ජනාධිපති  ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් සහ අගමැති ආචාරිය හරිනි අමරසූරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අරලිය ගහ මන්දිරය  වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිව  අගමැති ආචාර්ය හරිනි අමරසූරිය  විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඉන්දියානු උප ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳවද ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් වෙත අගමැති සිය සුබපැතුම් එක් කළාය.

ශ්‍රී ලංකාවේ සිදු කරන තම ප්‍රථම නිල සංචාරය මෙය බව මෙහිදි සඳහන් කළ ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී ලංකාවේදී හිමි වූ විශේෂ පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳවද  සිය ස්තූතිය පිරිනැමීය.

ඉන්දියානු දූත පිරිස නියෝජනය කරමින් ධීවර, සත්ව පාලන සහ කිරි නිෂ්පාදන රාජ්‍ය ඇමති මහාචාර්ය එස්.පී. සිං බාගෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කේ. ලක්ෂ්මන්, ආචාර්ය මේධා විශ්‍රම් කුල්කර්ණි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  සන්තෝෂ් ජා ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති  විජිත හේරත්, ක්‍රිඩා ඇමති සුනිල් කුමාර ගමගේ, ළමා හා කාන්තා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල් රාජ්, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here