එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා ප්‍රදේශයේදී අද (20) උදෑසන 9:30ට පමණ මෙම අනතුර සිදු ව ඇත.
මෙම ත්‍රීරෝද රථය තුළ මව, පියා සහ දියණියන් දෙදෙනා ගමන් කර ඇති අතර එය ධාවනය කර ඇත්තේ වැඩිමල් දියණිය බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් පොලීසිය පැවසුවේ ඇයට ත්‍රීරෝද රථය ධාවනය කිරිම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද ඇති බවය.
මීගමුවේ සිට හැටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වාහනයකට වංගුවක් සහිත ස්ථානයකදී ඉඩ ලබා දීමට යෑමෙදි ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහී මෙසේ ප්‍රපාතයට පෙරළී ඇත.
මෙම අනතුරින් දියණියන් දෙදෙනා සහ මව තුවාල ලබා ඇති අතර ත්‍රීරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු ව තිබේ.
Saru News















