හිරු තවත් පාදඩ වැඩක – Saru News | සිංහල

0
3

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලය පළ කළ අපහාසාත්මක ප්‍රවෘත්ති වසන් කර ගැනීම සඳහා පාදඩ උපක්‍රමයක් දියත් කර තිබේ.

තමන්ට සිදු කරන ලද අපහාසය සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක එන්තරවාසියක් ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් එම මාධ්‍ය ජාලයට යොමු කිරීමෙන් පසුව නිවැරදි කිරීමේ මුවාවෙන් එම පාදඩ උපක්‍රමය දියත් කර තිබේ. හිරු රූපවාහිනි ප්‍රවෘත්ති විකාශනයක දී “මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය” යනුවෙන් සඳහන් කරමින් එම උපක්‍රමය යොදා ගෙන ඇත.

කිසියම් මාධ්‍ය වාර්තාකරණයක දී වැරදීමක් සිදු වුවහොත් එම වරද නිවැරදි කිරීම අදාළ මාධ්‍ය ආයතනයේ වගකීමක් වන අතර, හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම ගෙන යන පාදඩ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණය දඬුවම් ද නියම කර තිබිණි. ලාල්කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් හිතාමතා සැලසුම් කරන ලද අසත්‍ය සහ ද්වේශ සහගත අපහාස සිදු කර ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here