අවුරුදු නැකතින් වීරවංශ රනිල්ගේ ඔඩොක්කුවට – Saru News | සිංහල

0
4

අලුත් අවුරුද්දෙන් පසුව විමල් වීරවංශ පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේ දී රනිල් වික්‍රමසිංහ පිළිබඳව වර්ණනා කරමින් කතා කිරීම පිළිබඳව දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇති අතර, කරුණු විකෘති කිරීම පිළිබඳව ද අවධානයක් යොමු කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසින් සිටියදී ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත්, 1950 ගණන්වල සිට කරුණු සෙවීමට කොමිෂන් සභා පත් නොකළ බවත් ප්‍රකාශ කර ඇත. මෙහි දී වීරවංශ හිතාමතා ම ජනතාව නොමඟ යැවීම සඳහා උත්සාහ දරා තිබේ.

ජනාධිපති ලේකම්වරයා මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඒ බව සඟවමින් ප්‍රකාශ කරන වීරවංශ කෙහෙළියට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ දී රනිල් වික්‍රමසිංහ යටතේ පොහොට්ටු පක්ෂයත් මැදිහත් වී කෙහෙළිය රඹුක්වැල්ල විශ්වාසභංගයේදී ආරක්ෂා කර ගත් බව සඟවා තැබීමට උත්සාහ කර ඇත. ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් 2023 ජූලි 20 වෙනි දින විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එම වසරේ සැප්තැම්බර් 28 වෙනි දින අදාළ විවාදය අවසානයේ දී පැවැත්වූ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 73ක් සහ එරෙහිව 113ක් ලබා දී එය පරාජයට පත් කරනු ලැබීය. පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් තෝරා පත් කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඍජුව ම මැදිහත් වී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ආරක්ෂා කරන ලදී.

2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here