2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට

0
4

61 වන වරටත් පැවැත්වුණු Femina Miss India World 2026 තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ පැළඳීමට ගෝව ප්‍රාන්තය නියෝජනය කළ සාධ්වී සතිෂ් සේල් සමත් වූවාය.

මෙම අවසන් මහා තරගය ඊයේ (18) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණි.

සාධ්වී සතිෂ් සේල් යනු නිරූපිකාවක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකි. ඇය දරුවන් වෙනුවෙන් සහ සෞඛ්‍ය පදනම් සඳහා අරමුදල් රැස් කිරීම ඇතුළු අර්ථාන්විත සමාජ සේවා කටයුතුවල නිරන්තරයෙන් නිරත වන්නියකි.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පිරික්සීමේදී ඇයගේ පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ විවිධ පැතිකඩයන් දැකගත හැකිය. සාධ්වී විශේෂයෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන්ට සහය වීමට දැඩි කැපවීමකින් කටයුතු කරන්නියක ලෙස ඉන්දියාවේ ප්‍රසිද්ධය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here