පිටුවහල් කළ වියට්නාම තහනම් සංවිධානයක ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවට ඇවිත් පාද යාත්‍රා යනවා! භික්ෂු විනයට පටහැණි වෙනම නිකායක් පිහිටුවන්න හදනවා! වහා පියවර ගන්න! මල්වතු මහනාහිමියෝ ආණ්ඩුවට ලිපියකින් දැනුම් දෙයි! I Sri Lanka Latest News

0
29


බෞද්ධ විරෝධි කටයුතු හේතුවෙන් මීට පෙර තායිලන්තයෙන් හා ඉන්දුනීසියාවෙන් පවා පිටුවහල් කළ වියට්නාම් ශ්‍රමනවේශධාරීන් පිරිසක් මෙරටට පැමිණ පාද යාත්‍රා සිදු කිරීම වහාම නවතා දැමීමට පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙසත් ඉල්ලා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.Sri Lanka Latest News

ලේ අන් ටූ ඇතුළු මෙම පිරිස විවිධ බෞද්ධ විරෝධි කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිසක් බවද එම පිරිස වියට්නාමයේ තහනම් සංවිධානයක පිරිසක් බව වියට්නාම් හෝ චිං මින්ග් ජාත්‍යන්තර බෞද්ධ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය කිව් නාත් ටූ භික්ෂුන් වහන්සේ තමන් වහන්සේ දැනුවත් කර ඇති බවද උන්වහන්සේ එමගින් දැනුම් දී තිබේ.

සංචාරක වීසා මත ඔවුන් මෙසේ රට තුල පාද යාත්‍රා සිදු කිරීම බුදු දහමට මෙන්ම භික්ෂු ප්‍රතිරූපයට විශාල හානියක් බවද එම නිසා ඔවුන් වීසා නීති රීති කඩකිරීම් හා පාද යාත්‍රා කිරීම් නවතා දැමීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිරූපය විනාශ කරන මෙම පිරිස සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද එම ලිපිය මගින් මහා නායක හිමියෝ වැඩිදුරටත් ඉල්ලා ඇත .

කැන්ඩි ප්‍රයිම් නිව්ස්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here