කාදිනල්ගේ ඉල්ලීම ඵලදරයි; අරුණ එළියට තුයියකොන්තා ඇතුළට?

0
3

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා දරන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පත් කිරීමට යෝජනාවී ඇති බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ කුමාර ජයකොඩි ඉදිරි දිනවල මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට නියමිත බවත්, එසේ ඉල්ලා අස්වූ පසු තුයියකොන්තා එම පුරප්පාඩුවට පත් කෙරෙනු ඇතැයි එම වාර්තාවල දැක්වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ සමයේදී නැගෙනහිර යුද හමුදාපති ආඥාපති ලෙස කටයුතු කළ අරුණ ජයසේකර ට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් අගරදුගුරු හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ලවී ඇත. 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සංශෝධනයට එයද ප්‍රධාන හේතුවක් වී තිබෙන බව පැවසේ.

අරුණ ජයසේකර ට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මීට පෙර විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නද තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එය විවාදයට ගැනීම කතානායකවරයා ප්‍රතික්ෂේප කළේය.

ආරක්ෂක ලේකම් පුටුවට හිටපු යුද හමුදාපති දයා රත්නායක?

මේ අතර තුයියකොන්තා ඉවත් වීමෙන් පුරප්පාඩු වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට හිටපු යුද හමුදාපතිවරයෙකු වූ දයා රත්නායක මහතා පත් කිරීමට උත්සාහයක් ගෙන ඇතත් ඔහු අදාළ ධූරය ප්‍රතික්ෂේප කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර ඇත.

වත්මන් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත පාර්ලිමේන්තුවට පත්විම සඳහා ඉදිරි සතියේ ඉවත්වීමෙන් පසු දයා රත්නායක එම තනතුර සඳහා යෝජනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයට හිතවත් පිරිසක් විසින් බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here