සංචිතයකට දමා රාජ්‍ය සේවකයෝ 75කට රජය පිං පඩි ගෙවනවලු!

0
4

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු 75 කට ආසන්න පිරිසක් රාජ්‍ය පරිපාලන සංචිතයේ සිටින බව සති අන්ත පුවත් පතක් වාර්තා කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සංචිතයේ සිටින බවද පැවසේ.

මෙම නිලධාරීන්ගේ වැටුප් සඳහා පමණක් මාසයකට රුපියල් ලක්ෂ 300 ක් පමණ වැයවන බවද, ඔවුන් රාජ්‍ය සේවයේ කටයුතු සඳහා යොදා ගන්නේ නම් විශාල සේවාවක් ලබා ගැනීමට හැකි බවද පරිපාලන නිලධාරීහු කියා සිටින බවද වාර්තා වේ.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්ගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ මෙම නිලධාරීන් බොහොමයක් වැඩ බලන පදනමින් විවිධ තැන්වලට යොදවා සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here