ඉරානය සිය ගුවන් අවකාශය කොටස් ලෙස විවෘත කරයි

0
7

යුදමය වාතාවරණය හේතුවෙන් සති 7කට ආසන්න කාලයක් වසා දමා තිබූ සිය ගුවන් අවකාශය කොටස් වශයෙන් විවෘත කිරීමට ඉරානය පියවර ගෙන ඇත.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාවන්ට අනුව එරට වේලාවෙන් අද (18) පෙ.ව. 7 සිට නැගෙනහිර ඉරානයේ ගුවන් කලාපය මෙලෙස විවෘත කර තිබේ.

ඉරානය සහ අමෙරිකාව අතර සටන් විරාමයක් ක්‍රියාත්මක හෙයින් මෙලෙස ගුවන් අවකාශය ක්‍රමයෙන් විවෘත කිරීමට ඉරානය කටයුතු යොදා ඇත.

කෙසේ නමුත් සිය ගුවන්තොටුපොළ හරහා ගුවන්ගමන් නැවත ආරම්භ කරන නිෂ්චිත කාල රාමුවක් ඉරානය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

ඉකුත් පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කළදා සිට ඉරානයේ ගුවන් සීමාව වසා දමා තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here