පාස්කු විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාව තනතුරෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

0
5

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සාධාරණව සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාව එම තනතුරෙන් තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා පියතුමා පවසයි.

“ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන නිසා විමර්ශන සාධාරණව සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමරුදු සිදුවීම් වන අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. ඔහුට පුද්ගලිකව අපේ තරහක් නෑ, නමුත් ඔහු එම ධුරයේ සිටීම සාක්ෂි කැඳවීමට ඉතාම අසීරු කරුණක් බවට පත්වීමට ඉඩතියෙන බව අපිට හැඟෙනවා”

රොහාන් ද සිල්වා පියතුමා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති “මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා” මැයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහන අමතමිනි.

The post පාස්කු විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාව තනතුරෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here