“පාස්කු විමර්ශන සාධාරණව සිදුකරන්න ආරක්ෂක නියෝජ්‍ය ඇමතිව ඉවත් කරන්න”

0
4

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීම උදෙසා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ දී පැවති ‘මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා’ මැයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහනට එක්වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කලේය.

එහිදී අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ, ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන බවත්, විමර්ශන සාධාරණය සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම් අවස්ථාවේ එවකට නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන ලෙසය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here