ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ දී සිදු වී ඇති වංචා, දූෂණ හෝ අක්‍රමිකතා පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාව 2009 වසරේ සිට අදාළ පරීක්ෂණ දියත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් විකෘති අර්ථකථන ලබා දීමට උත්සාහ කරමින් සිටිති.
ඒ පිළිබඳව විශ්ලේෂණාත්මක අදහස් දක්වන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් මුල සිටම පරීක්ෂණ සිදු කළ යුතු බව ය. බැඳුම්කර කොල්ලය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සිදු කළ පරීක්ෂණවල දී 2008 සිට 2015 දක්වා බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු බවට නිර්දේශ කර තිබිණි. සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදවීම ආරම්භ කර තිබුණේ 2008 වසරේ සිට ය.
ඒ අනුව, අදාළ ප්‍රස්තුතය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කළ යුතු බවට පවතින පූර්වාදර්ශ අනුව ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් ද 2009 වසරේ සිට ම පරීක්ෂණ පැවැත්වීමට කොමිසම සූදානම් වේ.
1
Saru News
















