චමරී ක්‍රිකට් වලින් විශ්‍රාම යනවාද?

0
10

තමන්ගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් දැනට ස්ථිර බලාපොරොත්තුවක් නොමැති බවත්, ශරීර යෝග්‍යතාවය අනුව ඉදිරි වසරක හෝ දෙකක කාලයක් ක්‍රීඩා කරන ලෙස නව පුහුණුකරු තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසන්නීය.

බංග්ලාදේශයට පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ඉදිරි ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව තීරණය කරන බවය.

මෙම බංග්ලාදේශ සංචාරයේදී පැවැත්වෙන එක්දින තරඟාවලිය ඉතා තීරණාත්මක බව ද මෙම තරඟ තුනෙන් ලබාගන්නා ප්‍රසාද ලකුණු ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අතිශය තීරණාත්මක වන බව පැවසූ ඇය පෙන්වා දෙයි.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ වටයට මුහුණ නොදී, සෘජුවම ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීම කණ්ඩායමේ මූලික අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

එමෙන්ම ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානය වන විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත්, 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට පැමිණීම ගැන තමන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක ලෙස ඉතා සතුටු වන බවත් චමරී අතපත්තු විසින්  පවසන ලදී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here