දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික හෙරොයින්

0
4

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇති අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක්ද නිලධාරී භාරයට ගනු ලැබීය.

අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගොඩබිමට රැගෙන ආ පසු අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (16) සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගත් අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සමග මෙම සැකකරුවන් 04 දෙනා නිලධාරී භාරයට ගනු ලැබීය.

මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා,

“විදේශීය නෞකාවකින් තමයි මේ මත්ද්‍රව්‍ය ලබා දීලා තියෙන්නේ අපි ළඟ ඒ තොරතුරුත් තියෙනවා ඒ අනුවත් අපි දැන් ජාත්‍යන්තර ලෙස කටයුතු කරනවා. මට දැන් දැනුම්දුන්නා කිලෝග්‍රෑම් 150කට එහා කියන්නේ අපි වීදි මුදලින් ගත්තොත් කෝටි 400කට වඩා වැඩියි. ඊටත් වඩා වැඩිවෙන්නත් පුළුවන්”

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here