කලබල වෙන්න එපා – බැංකු ගිණුම්වලින් සියල්ල හෙළි වෙනවා – Saru News | සිංහල

0
5

ශ්‍රී ලංකාවට බොර තෙල් ගෙන්වීමේ දී බැරලයක් ඩොලර් 286කට ලබා ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මූලාශ්‍ර කර ගනිමින් පළ වෙන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කිසිසේත් ම කලබල විය යුතු නැති බව මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

මෙරටට බොර තෙල් ආනයනය කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පමණක් වන අතර, අදාළ සියළු ගෙවීම් බැංකු ගිණුම් හරහා සිදු කරන බවත්, බොර තෙල් නැවකට ම අදාළව එම ගෙවීම් කිරීමේ දී කිසිවෙකුටත් නිවැරදි ගනුදෙනු වසන් කළ නොහැකි බව එම විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. හොන්කොන්හි දී පැවති ආයෝජන සමුළුවක දී අදහස් දැක්වූ HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ජෝජ් එල්ගෙදරේ ප්‍රකාශ කර තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල සම්බන්ධයෙන් තමන්ට අසන්නට ලැබුණු කතාවක් අනුව ශ්‍රී ලංකාව ඩොලර් 286කට මිල දී ගෙන ඇති බව ය.

ඔහු අසන්නට ලැබුණු කතාවක් යනුවෙන් අවධාරණය කරමින් සිදු කළ ප්‍රකාශය මිඩ්ල් ඊස්ට් ටයිම් මාධ්‍ය ආයතනය වාර්තා කර තිබූ බවත්, එම වාර්තාව උපුටා ගනිමින් මෙරට ඇතැම් මාධ්‍යය ද එය ප්‍රචාරය කළ බවත් තහවුරු වී තිබේ.

මේ ආකාරයට ජාත්‍යන්තර වශයෙන් පවා පදනම් විරහිත පුවත් පළ කෙරෙන අතර, අදාළ ගෙවීම් සිදු කෙරීමේ දී සත්‍ය තොරතුරු හෙළි වෙන බවත් විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ පැහැදිලි කිරීම ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here