දින 5කදී ජීවිත 20ක් දිය රකුසාට බිලි වෙයි

0
10

අප්‍රේල් 12 වනදා සිට මේ දක්වා පුරවැසියන් 20 දෙනෙකු ඉතාමත් අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. 

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පිහිනීමට හො නොහැකිව ඉතාමත්ම අනාරක්ෂිත ස්ථාන වල දිය නෑමට සහ විනෝදවීමට යාම මෙයට හේතු වී ඇති බවය.

එමෙන්ම වැඩිහිටියන් සහ දෙමාපියන් විසින් වගකිම් හා යුතුකම් පැහැර හැර කටයුතු කිරීම ද මෙම ජීවිත අහිමිවීමට බෙහෙයින් හේතු වී ඇති බව ඒ මහතා චෝදනා කරයි. 

“අප්‍රේල් 12 වනදා සිට මේ දක්වා පුරවැසියන් 20 දෙනෙකු ඉතාමත් අවාසනාවන්ත ලෙස ජල රකුසාට බිලි වී ඇති බව ඉතාම කණගාටුවෙන් කියන්න වෙනවා. විශේෂයෙන් වැඩිහිටියන් සහ දෙමාපියන් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස සිය වගකිම් සහ යුතුකම් පැහැර හැරලා තියෙනවා.  අනතුරු වලට හේතුව පිහිනීමට නොහැකි සහ හුදකලා ඉතාමත්ම අනාරක්ෂීත ස්ථාන, බීමත්ව විෂ මත්ද්‍රව්‍ය සහිතව මෙවැනි ආගන්තුක ස්ථාන තොරාගෙන ඇති බව මෙම සියලුම අනතුරු වලින් අපිට නිරීක්ෂණය වෙනවා. හෙට දින සිට විනෝදචාරිකා සඳහා යොමු වෙන අපේ පුරවැසියන්ට අපි නැවත නැවත් මතක් කරන්නේ ඔබ සෑම ඉතාම වගකීමෙන් ක්‍රියාකළ යුතුයි. දිය නෑමට වෙන් කර ඇති ස්ථාන හඳුන්වලා තියෙනවා. ජීවිත ආරක්ෂක කණ්ඩායම් යොමු කරලා තියෙන ස්ථාන තොරා ගත යුතුයි. යොදා ඇති අවවාද පුවරු, අනතුරු ඇඟවීම් වෙත අවදානය යොමු කළ යුතුයි. අපේ රටේ තරුණ ජවය ශ්‍රම බලකාය අප අතුරින් ඉතාමත් අකාරුණික ලෙස අකාලයේ සමුගන්නා බව පෙනීමට තියෙනවා. මේක අප සැමට දැරිය නොහැකි පාඩුවක්.”

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here