දැදුරු ඔයේ නාන්න ගිය දෙන්නෙක් මරුට ; 6ක් අතුරුදන්

0
4

දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලී ඇතැයි වාර්තා වේ.

අනතුර සිදුවී ඇත්තේ කොබෙයිගනේ පොලිස්බල ප්‍රදේශයේ කුරටියාගහමුල ප්‍රදේශයේදී ය.

කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමඟ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා මෙලෙස දැදුරු ඔයට ගොස් ඇති බව පොලීසිය පවසයි.
මොවුන්ගෙන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවී ඇත. මෙලෙස හමුවී ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ හා කාන්තාවකගේ මළසිරුරු දෙකකි.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් සය දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here