රෂිකා හෙන්නායක අප්‍රේල් 16, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සාම පා ගමනට සහභාගී වීම සඳහා ආලෝකා නම් සුනඛයා මෙරටට පැමිණීමහ්ට බලාපොරොත්තුවෙන් සිටී.
සහතිකලත් සේවා සුනඛයෙකු ලෙස ගුවන් යානයේ මගී කුටිය තුළම ගමන් කිරීමට ආලෝකාට විශේෂ අවසරයක් හිමි වී ඇති අතර, එය සත්ව සහ මානව සබඳතාවයේ නව පෙරළියක් ලෙස සැලකේ.
බොහෝ දෙනා මෙම සුනඛයා කෙරෙහි විශේෂ ගෞරවයක් දක්වන්නේ බෝධිසත්ව ගුණ පිරූ කුක්කුර ජාතකය සිහිපත් කරවන සත්වයෙකු ලෙසය.
පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ සමඟ පැමිණෙන මෙම සුනඛයාගේ සහභාගීත්වය මගින් සත්ව කරුණාව පිළිබඳ සමාජ ආකල්ප ධනාත්මක ලෙස වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සුවිශේෂී ගමන දේශීය හා විදේශීය වශයෙන් සාමයේ පණිවිඩය ප්‍රචලිත කිරීමටත් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමටත් මහත් රුකුලක් වනු ඇත.


The post සාමය උදෙසා පෙරුම් පුරන ආලෝකා… appeared first on LNW Sinhala.
Saru News
















