ආසියාවේ ප්‍රමුඛතම ආහාර පාන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත් එක් වුණා.
ඒ සිලෝන් ටී නමින් ලොවම හදුනන අපගේ තේ, පොල් නිෂ්පාදන සහ පානීය ජලය ප්‍රවර්ධනය කරමිනුයි.
ශ්‍රී ලංකාව වෙළද හා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී ආහාරපාන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වශයෙන් හදුනාගෙන තිබෙනවා.
ආසියාවේ ප්‍රමුඛතම ආහාර ප්‍රදර්ශනය ලෙස සැලකෙන ෆුඩ් ඇන්ඩ් හොටෙල් ඒෂියා ප්‍රදර්ශනය සිංගප්පූරුවේ එක්ස්පෝ ප්‍රදර්ශන හා සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ එරට රාජ්‍ය අමාත්‍ය හා වෙළද හා කර්මාන්ත අමාත්‍ය ඇල්වින් ටාන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකාවේ සංගප්පූරු මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය වානිජ යසන්ත යද්දෙහි යන මහත්වරුන් ද ඊට එක්ව සිටියා.
ශ්‍රී ලංකාවේ තේ, පොල් නිෂ්පාදන හා පානීය ජලය අපනයනය ප්‍රවර්ධනය මෙහිදී සිදු කෙරුණා.
මෙම ප්‍රදර්ශනයට පූර්වගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට ආනයන ප්‍රජාව දැනුවත් කරමින් ඔවුන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි වෙත යොමු කිරීමේ සම්බන්ධීකරණ කාර්යය ඉටු කළා.
ව්‍යාපාරික හමුවීම් ද සංවිධාන කළා.
ලොව රටවල් 50 ක් නියෝජනය කළ මෙම ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 1600 ක් පමණ ඇතුළත් වුණා
Saru FM Media