ට්‍රම්ප්ගේ බලතල සීමා කරන්න ගත් උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

0
3

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුධ බලතල සීමා කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයින් ගෙන ආ යෝජනාව යළි පරාජයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු බවද දැක්වේ.

ඊට එරෙහිව ලැබී ඇත්තේ ඡන්ද 47කි.

වත්මන් සෙනෙට් සභාවේ වැඩි බලයක් හිමිවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටයි.

ඒ අනුව සභිකයින් 100 දෙනෙකුගෙන් සමන්විත 119 වැනි සෙනෙට් සභාවට රිපබ්ලිකන් සභිකයින් 53 දෙනෙකු,  ඩිමොක්‍රටික් සභිකයින් 45 දෙනෙකු සහ ස්වාධීන සභිකයින් දෙදෙනෙකු ඇතුළත්.

එම සංයුතිය හේතුවෙන් මීට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීමේ අරමුණින් ගෙන ආ යෝජනා තුනක් ද සම්මත කර ගැනීමට හැකිවුණේ නැහැ.

කෙසේ නමුත් මෙවර ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන රෑන්ඩ් පෝල් ට්‍රම්ප්ගේ යුධ බලය සීමා කිරීම වෙනුවෙනුත්, ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝන් ෆෙටර්මන් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පක්ෂවත් ඡන්දය ලබා දීම විශේෂත්වයක්.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයාට වෙනත් රටකට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේ බලයක් නොමැති අතර ඒ සඳහා කොංග්‍රසය අනුමැතිය ලබාදිය යුතුයි.

කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ, ඉරානයට එරෙහිව දියත් කර ඇත්තේ යුද්ධයක් නොව ‘මෙහෙයුමක්’ බැවින්, කොංග්‍රස් අවසරයක් අවශ්‍ය නොවන බවයි.

මාර්තු මාසයේ අවසන් සතියේ රොයිටර් පුවත් සේවය සිදු කළ සමීක්ෂණයකට අනුව අමෙරිකනුවන්ගෙන් 60%ක් ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබේ.

ඉරානය එරෙහි මෙහෙයුමට සහය පල කරන ඇමරිකානුවන්ගෙන් 74%ක්ම රිපබ්ලිකන් පාක්ෂිකයින් බව රොයිටර් සමීක්ෂණ දත්තවල දැක්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here