අදත් බස් ටිකක් අඩුයි; කෝච්චි වැඩියි

0
11

පෞදිගලික බස් රථ අද (16) දිනයේ සියයට 50 – 60ත් අතර ප්‍රමාණයක් ධාවනයට යොදවනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ  හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එය හෙට (17) දිනය සියලු පෞද්ගලික බසර රථ සාමාන්‍ය පරිදි ධාවනය කරනු ඇතැයි ද ඔහු කියයි.

කෙසේවුවද, දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද දින සිට තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා කියයි.

අද දින දුම්රිය ගමන් වාර 120ක් පමණ සිදුකිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටී.

ඒ අනුව අද උදෑසන සහ සවස සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය වන බවත්, 18 වෙනිදා සහ 19 වෙනිදා විශේෂ දුම්රිය ධාවනයට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අද උදෑසන 6.10ට මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය වූ බවත් සවස 1ට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව සමරසිංහ මහතා පැවසීය.

19 වෙනිදා සවස මාතර සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක වන බවද ඔහු කීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here