මෙදා අවුරුදු හරිම සරුයි 

0
12


සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමස්තයක් ලෙස රට පුරා ම ජනතාව ඉතා ම ඉහළින් සැමරූ බව සියලු අංශවලින් තහවුරු වී තිබේ.

ව්‍යාපාරිකයන්, ප්‍රවාහණ සේවයේ නියුතු වූවන් සහ මූල්‍ය ක්‍ෂේත්‍රවලින් මේ බව තහවුරු වී ඇත. ඊට අමතරව රට පුරා ම සිටින ජනතාව ද වසර ගණනාවකට පසුව අවුරුදු සමය ඉහළින් ම තම පවුල්වල සාමාජිකයන් සහ නෑදෑ හිතවතුන් සමඟ සැමරූ බවට උද්‍යෝගයෙන් කරුණු දක්වා ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ආර්ථිකය ගොඩ ගනිමින්, ජනතාව අතරට ප්‍රතිලාභ ගලා යාමට සැලැස්වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. වී සහ එළවළු ගොවීන්ට ඉහළ ම මිලක් ලැබුණු අතර, දෛනික කුලී කම්කරුවන් හට ඉහළ ආදායම් ලැබී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මාසික වැටුප් ලබන්නන්ගේ වේතන ද ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය මත සමස්තයක් ලෙස සියලුම ජනතාව වසර ගණනාවකට පසුව අවුරුදු සමය ඉහළින් ම සැමරූ බව වාර්තා වී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here