IMF එක මැද පෙරද්ග යුද්ධයෙන් ගෝලීය ආර්ථිකයට වන අවැඩ ගැන කියයි

0
3

මැදපෙරදිග යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ හේතුවෙන් ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික වර්ධනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව එම අරමුදල පෙන්වා දෙයි.

මෙම යුද්ධය පවතින කාලය සහ විෂය පථය සීමිත බවට උපකල්පනය කළ ද 2026 වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.1ක් දක්වා ද 2027 වසරේදී සියයට 3.2ක් දක්වා ද මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ගෝලීය උද්ධමනය 2026 වසරේදී සුළු වශයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, 2027 වසරේදී එය නැවත පහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here