ආසියාතික ජනතාවට සහන සපයන්න ජපානයෙන් ඩොලර් බිලියන 10ක මූල්‍ය රාමුවක්

0
3

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වටිනා මූල්‍ය රාමුවක් සකසන බවයි ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි නිවේදනය කර තිබේ. 

ඒ, පවතින වාතාවරණය යටතේ ඉරාන යුද්ධය තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය අවපාතයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇති පසුබිමකය. 

 එම අරමුදල මේ බව සඳහන් කළේ, ලෝක ආර්ථික වර්ධන ඉලක්ක පිළිබඳව මේ වසරේ වාර්තාව නිකුත් කරමිනි.

එහිදී ඔවුන් අවධාරණය කරන්නේ ලෝක ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ සියයට 0.3කින් පහළ යනු ඇති බවය.

මේ අතර යුද ගැටුම් නැවැත්වීමට ගන්නා රාජ්‍ය තාන්ත්‍රික පියවර හමුවේ පසුගිය දිනවල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා තිබූ ලෝක බොර තෙල් මිල යළි ඩොලර් 90 සීමාව දක්වා පහත වැටී තිබේ. 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 95ක් ලෙසත් , අමෙරිකානු WTI තෙල් බැරලයක මිල ඩොලර් 91 ලෙසත් සටහන් විය.

කෙසේවෙතත් හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නිරන්තර බාධාකාරී තත්ත්වයන් හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බව අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් සඳහන් කරයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here