පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉරානයට‍

0
4

පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇතුළු පිරිසක් අද (15) ඉරානයට ගොස් තිබේ. 

ඒ, මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර බිඳ වැටුණු සාකච්ඡා යළි ආරම්භ කිරීමේ අරමුණිනි. 

මෙම සංචාරයේදී හමුදා ප්‍රධානියා ඇතුළු පිරිස ඉරාන බලධාරීන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ඉරානය සහ අමෙරිකාව අතර පවතින වත්මන් යුදමය තත්ත්වය විසඳාගැනීමට පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබයි. 

මීට පෙර දෙරට අතර සාකච්ඡාවක් පසුගිය 11 වෙනිදා ඉස්ලාමාබාද් නුවරදී පවත්වා තිබුණි.

එය එකඟතාවකින් තොරව අවසන් වූ අතර එහි තවත් වටයේ සාකච්ඡාවක් පැවත්වීමට නියමිත පසුබිමක පාකිස්තාන හමුදා ප්‍රධානියා මෙම සංචාරය සිදු කිරීමත් විශේෂත්වයකි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here