අවුරුදු කාලේ පත්තු වූ දෙවැනි වෙඩිල්ල ගම්පහින්! බයික් එකකින් ඇවිත් ලොරියේ හිටපු දෙන්නෙකුට දිගටම තියලා වෙඩික්කරුවන් පනී! VIDEO I Sri Lanka Latest News

0
24


ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙලස වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (15) රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත.

වෙඩි තැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here