රුපියල් මිලියන 230ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

0
13


රුපියල් මිලියන 230ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග අමෙරිකානු ජාතිකයෙකු ගුවන්තොටුපොළෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

එම සැකකරු ගුවන්තොටුපොළෙ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුෂ් කිලෝග්‍රෑම් 23ක් සොයාගෙන තිබෙනවා .

ඔහු එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ සිට මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ .

31 හැවිරිදි මෙම ඇමෙරිකානු ජාතිකයා එරට ඉඩම් වෙළෙඳාමේ නිරත සමාගමක සේවය කරන්නෙක් .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 බැගින් වූ පැකට් 23 ලෙස සකස් කර, මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23ක ප්‍රමාණය සඟවා ගෙන පැමිණ තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here